×

Search News

LATEST NEWS

චලෙයි කලපුවේදී නාවික හමුදාවේ පහක් අතුරුදන්

වෙත්තලකේණි නාවික කඳවුරට අයත් චලෛයි නාවික හමුදා අනුඛණ්ඩයේ අනුඛණ්ඩ භාර නිලධාරී සහ තවත් නාවික හමුදා සෙබළුන් සිව් දෙනෙක් පසුගිය 27 වනදා සිට අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

මෙම පිරිස එදින රාත්‍රියේ නාවික අනුකණ්ඩය දෙසට ගලාගෙන පැමිණි ජල පහර කලපුව දෙසට කපා හැරවීම සඳහා චලෛයි ආරුව දෙසට පිටත්ව ගොස් ජලය බැස යන ලෙස ආරුව කපා නැවත අනුකණ්ඩය වෙත පැමිණි ඇති නමුත් අනුකණ්ඩය වෙත පැමිණෙන ජල පහර අඩු නොවීම හේතුවෙන් නැවත ඔවුන් රාත්‍රී 11.40ට පමණ චලෛයි ආරුව දෙසට පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම පිරිස යළි කඳවුර වෙත නැවත පැමිණ නොමැති බව වාර්තා වනවා.

ඒ සමඟ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් All Terrain Vehicle (ATV) රථය මඟින් අදාළ පිරිස සෙවීමේ කටයුතු ආරම්භ කළ ද ඔවුන් පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නැහැ.

අනතුරුව පසුදින තවත් නාවික නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගේ කණ්ඩායමක් ඔවුන් සෙවීමේ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණ ද මේ වන තුරු අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරීන් ඇතුළු සෙසු පිරිස පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව සඳහන්.

Previous Article Next Article