×

Search News

LATEST NEWS

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයකට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසන්නේ මේ වන විට එක් මංතීරුවක් විවෘත කර ගැනීමට විවෘත කර ගැනීමට අවශ්‍ය කටයුතු විශාල බැකෝ යන්ත්‍ර ප්‍රමාණයක් පෞද්ගලික හිමිකරුවන් විසින් ද යොදවා කඩිනමින් සිදු කරමින් ඇති බවයි.

පසුගියදා අයහපත් කාලගුණය හේතුවෙන් හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබුණා.

කෙසේ නමුත් බලධාරීන් පෙන්වා දෙන්නේ මාර්ගයෙහි තවදුරටත් නායයෑමක් සිදුවිය හැකිදැයි වඩාත් විමසිලිමත් විය යුතු බවයි.

Previous Article Next Article