විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරමින් ජනපති නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) මේ සඳහා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනි.