චීනය සමඟ සිදුකරන Tiktok ගිවිසුමේ අමෙරිකානු ආයෝජකයින් නම් කරයි
චීනය සමඟ සිදු කිරීමට නියමිත Tiktok ගිවිසුම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආයෝජකයින් නම් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වන රූපට් මර්ඩොක්, ලැච්ලන් මර්ඩොක්, ඔරකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලැරී එලිසන් හා ඩෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් එස්. ඩෙල් එලෙස නම් කර ඇති බවයි.
චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු TikTokහි අමෙරිකාවේ පවතින කොටස් අමෙරිකාවට පැවරීම මෙම ගණුදෙනුවේ දී සිදුවනු ඇති.
අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රගතියක් ලබා ඇති බවයි.
ජෝ බයිඩන් පාලන සමයේ ජාතික ආරක්ෂාව මත පදනම්ව අමෙරිකාව තුළ ටික්ටෝක් තහනම් කළ ද පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය එම තහනම කල් දමනු ලැබුවා.
මේ අනුව අමෙරිකාව කොන්දේසි පැනවූවේ තහනම ඉවත් කිරීමට නම් TikTokහි චීන මව් සමාගම සතු කොටස් චීන නොවන වෙනත් පාර්ශ්වයකට අලෙවි කරන ලෙසයි.