×

Search News

LATEST NEWS

මහ ගංවතුරේ මගී ජීවිත අනතුරේ දැමු රියැදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය අත්හිටුවයි

කුඹුක්කන ප්‍රදේශයේ ගංවතුර මධ්‍යයේ ගමන් කරමින් මඟීන්ගේ ජීවිත අනතුරේ දැමු මොනරාගල කොළඹ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

එම කොමිසම සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධව බස් රථයේ හිමිකරු සහ කාර්ය මණ්ඩලය පසුගිය ඔවුන් හමුවට කැඳවූ බවයි.

එහිදී ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් පසුව බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවයෙන් තහනම් කිරීමටද නියෝග කර ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article