×

Search News

LATEST NEWS

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි.

අද (05) දින පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වුණා.

විවාදයෙන් පසුව මෙලෙස පස්වරු 6ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුගිය නොවැම්බර් 14 වනදා 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමි වු අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.

මේ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණා.

තෙවන වර කියවීමේ විවාදය සඳහා දින 17ක කාලයක් තිබුණ ද පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සභාව රැස්වීම අවස්ථා කිහිපයකදී කල් තැබීම සිදුකළා.

මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

Previous Article Next Article