×

Search News

LATEST NEWS

ඊසාන මෝසම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයින හරහා ඊසාන මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

මේ අනුව අද (05) දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල කුරුණෑගල දිස්ත්‍රක්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකරනවා.

Previous Article Next Article