×

Search News

LATEST NEWS

යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කරන අයුරු පුටින් ඉන්දියාවේදී කියයි

යුක්‍රේනයට අයත් ඩෙන්බාස් බලහත්කාරයෙන් හෝ ලබා ගන්නා බැවින් ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩෙන්බාස් කලාපයෙන් ඉවත් විය යුතු බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් නැවත වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අතරවාරයේයි.

යුක්‍රේනයට එරෙහිව යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

"අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි".

මේ වන විට අදාළ ප්‍රදේශයෙන් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදාව රැඳී සිටිනවා.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Previous Article Next Article