×

Search News

LATEST NEWS

සිනිමෝදරින් තවත් අයිස් මත්ද්‍රව්‍ය ලොරියක් සොයා ගනී

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල සීනි මෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද (22) උදෑසන හමුවූ අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මෙලෙස මත්ද්‍රව්‍ය තිබී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මීට පෙර පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේ දී එම නිවස අසළ පිහිටි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයාගත් බවයි.

මේ අතර අද (22) දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන් සොයා ගැනුණා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට හැකිව තිබුණා.

Previous Article Next Article