×

Search News

LATEST NEWS

සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් ආරක්ෂක අංශ සොයා ගනී

මිද්දෙනිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

එහිදී අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 2ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 2කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබාදී ඇති බවට මේ වන විට කරුණු හෙළි කරගත් බවයි.

අනතුරුව සම්පත් මනම්පේරි නැමැත්තාගේ සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු හෙළිව තිබෙනවා.

Previous Article Next Article