×

Search News

LATEST NEWS

කල්පිටිය මුහුදු තීරයේ බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

කල්පිටිය මුහුදු තීරයේ දී නාවික හමුදා නිලධාරීන් විසින් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 3ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ ඊයේ (05) රාත්‍රීයේ කළ සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ වෙත භාර දී ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Previous Article Next Article