×

Search News

LATEST NEWS

ඉන්දියාවේ සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23ක් මරුට

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (06) මධ්‍යම රාත්‍රී පමණ ගින්න හටගෙන ඇති බවයි.

මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත් කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයින් බවත් එම මාධ්‍ය වාර්තා කළා.

ගින්න හටගත් අවස්ථාවේදී එම සමාජ ශාලාවේ විශාල පිරිසක් සිටි බව සඳහන්.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

Previous Article Next Article