×

Search News

LATEST NEWS

උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට - පාසල් තෙවන වාර පරීක්ෂණ ගැනත් තීන්දුවක් ගනී

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් ලබන ජනවාරි 12 වනදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපර්තම්නේතුව තීරණය කර තිබෙනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අද (09) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තෙවන පාසල් වාරයේ 02 කොටස සඳහා බස්නාහිරම් දකුණ, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්වල සියලු පාසල් දෙසැම්බර් 16 වනදා ආරම්භ කරන බවයි.

ආපදා තත්ත්වය නිසා නැවතුණු උසස් පෙළ විභාගය ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

මේ අතර 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 14 වනදා සිට මාර්තු 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ තෙවන වාර විභාගය නොපැවැත්වෙන බවත් 11වන ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක් පැවැත්වෙන බවත්ය.

Previous Article Next Article