ජනපති අනුර ට්‍රම්ප්ට ස්තුති කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්හට කෘතඥතාව පළකර තිබෙනවා.
ඔහු මෙලෙස අමෙරිකානු ජනාධිපතිවරයාට කෘතඥතාව පළකර ඇත්තේ අත්‍යාවශ්‍ය අවස්ථාවක නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීම සම්බන්ධයෙනි.
දිට්වා සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීමට අමෙරිකාව විසින් ඩොලර් මිලියන දෙකක් ලබාදීමට පියවර ගෙන තිබුණා.
ඊට අමතරව අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එක්සත් ජනපදය C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක් C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක් යොදවනු ලැබුවා.
C-130 ගුවන් යානා කඩිනමින් යෙදවීම සහ අමෙරිකානු ඩොලර් මිලියන 2ක හදිසි ආධාර මගින් දෙරට අතර පවතින කල් පවත්නා සබඳතාවයේ ශක්තිය පිළිබිඹු වූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති බව වාර්තා වනවා.