×

Search News

LATEST NEWS

ජනපති අනුර අමෙරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඊට අමතරව ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමට ද නියමිතව ඇති බව සඳහන්.

Previous Article Next Article