තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු මිලියන 10,000කට ආසන්න බව හෙළිවෙයි
තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා.
එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බවද පොලීසිය විසින් තහවුරු කර ගෙන ඇති බව සඳහන්.
මේ වන විට මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වනවා.
මේ අතර තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට දැනට හෙළිව තිබෙනවා.
විදේශ රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන උනාකුරුවේ ශාන්ත නැමැති අපරාධකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ඒවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්.