×

Search News

LATEST NEWS

කොත්මලේ වේල්ල විවෘත කරන අවස්ථාවේ සයිරන් ගහන්නේ නැතුව SMS එකක් දාන්න

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි ක්‍රමයක් වන සයිරන් නාද කිරීම වෙනුවට ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් හෝ සමාජ මාධ්‍ය යොදාගෙන සන්නිවේදනය කිරීමේ ක්‍රමවේදයක් හෝ භාවිතා කිරීමේ හැකියාවක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එලෙස නොකිරීම ගැන ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න නොකළ බවයි.

ජලාශයට ජලය ගලා එන වේගය අනුව ජලාශය පිරීමට ගතවන කාලය තුළින් ගණනය කරගත හැකි බවත් ඒ අනුව වාන් දොරටුව විවෘත වන කාලය පැය කිහිපයකට කලින් නිලධාරීන්ට දැනගත හැකි බවත් ඔහු පවසනවා.

”සයිරන් එක නාද කිරීම ඉතා පැරණි තාක්ෂණයක්. මොකද මහා වැස්ස මැද සයිරන් එක විනාඩි 10කට කලින් ගැහුවත් හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇහුනත් විනාඩි 10ක් ඇතුළත කරගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ජලාශයට වතුර එන වේගය අනුව ජලාශය සම්පූර්ණයෙන් පිරෙන්න කොච්චර වෙලාවක් යයිද ඒ අනුව වාන් දොරටු අරින්නේ කොයි වේලාවේද කියන එක පැය කිහිපයකට කලින් දැන ගැනීමේ හැකියාව තිබෙනවා. කල් ඇතිව ගණනය කරගත්තේ නැත්තේ ඇයි කියල ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා අපිවත් දැක්කේ නැහැ. දෙක ඇයි මේ සයිරන් ගහන්නේ මේක අවුරුදු 100කට වඩා පරණ තාක්ෂණයක්. අද බොහෝ දෙනෙකුට ප්‍රදේශයේ ජනතාවගෙන් 99%කටම තියෙනවා ජංගම දුරකථන.මේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක්, SMS එකක් එවල මේක දැනුම් දුන්නා නම් නැත්නම් ලවුඩ්ස්ස්පිකර් බැඳලා නිවේදනය කළා නම් නැත්නම් යටවිය හැකි ප්‍රදේශ කලින් ගණනය කළ හැකියි. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අයට වට්ස් ඇප් සමූහයන් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ ගැන සනිවේදනය කරන්න කටයුතු කළේ නැත්තේ ඇයි?මෙන්න මේවා තමයි ජනාධිපතිතුමා විසින් ඇසිය යුතුව තිබුණු ප්‍රශ්න. අවාසනාවට එවැනි ප්‍රශ්න කිරීමක් දැක්කේ නැහැ.”

Previous Article Next Article