×

Search News

LATEST NEWS

අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අධිකරණයෙන් අතුරු නියෝගයක්

ගම්පොල අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය පිළිබඳව ලබන 15 වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසද නියම කර තිබෙනවා.

Previous Article Next Article