×

Search News

LATEST NEWS

ඌව පළාතේ පාසල් ඇරඹෙන්නේ මෙහෙමයි

දිට්වා සුළි කුණාටුවක් සමඟ දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා පවසනවා.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ දින දෙකක් යටතේ ඌව පළාතේ පාසල් නැවත විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.

"ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලු පාසල් 290වම හෙට (16) දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. ඒ එක්කම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කළාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78 හෙට දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා තියෙනවා. පවතින ආපදා තත්ත්වයත් එක්ක බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු කළාප වල එනම් බදුල්ල කළාපය, බණ්ඩාරවෙල කළාපය, වැලිමඩ කලාපය, පස්සර කළාපය සහ  කළාපයේ සියලු පාසල් හෙට දින ආරම්භ නොවන අතර 29 වනදින එම කළාප වල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා"

Previous Article Next Article