×

Search News

LATEST NEWS

පළාත් 3ක පාසල් හෙට ආරම්භ වෙන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම්

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දින ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මේ බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පළාත් 6ක පාසල් හෙට (16) දිනයේ සම්පුර්ණ වශයෙන් විවෘත වන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල පාසල් හෙට (16) දින ආරම්භ වනු ඇති.

Previous Article Next Article