×

Search News

LATEST NEWS

තක්ෂි එක්ක බිස්කට් එක බෙදාගෙන කාපු සැරයන්වරයාගේ වැඩ තහනම්

නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කර තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පවසන්නේ අදාළ සැරයන්වරයා එම සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.

Previous Article Next Article