×

Search News

LATEST NEWS

රන්වලගේ සිද්ධියේ දී පොලීසියේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයක්

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර පිළිබඳව සිදුවීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවුවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (16) අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී මාධ්‍යවේදියෙක් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් පාර්ශවවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ලවන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව අදාළ විමර්ශන සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

"මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්." 

Previous Article Next Article