සී. බීට අධිකරණයෙන් ඇප - විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි
මුදල් විශුද්ධිකරණය පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (16) නියෝග කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සැකකරු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි.
ඊට අමතවර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පැනවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද සී. බී. රත්නායක මහතා මෙලෙස අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.