×

Search News

LATEST NEWS

ට්‍රම්ප් BBC පුවත් සේවයට එරෙහිව අපහාස නඩු පවරයි

අමෙරිකා ජනාධිපතිවරයා BBC පුවත් සේවයට එරෙහිව අපහාස නඩු පවරා තිබෙනවා.

2021 වසරේ ජනවාරි මස 6 වනදා දින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන අයුරින් සංස්කරණය කර BBC පුවත් සේවය විකාශය  කළ බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් BBC පුවත් සේවයට එරෙහිව ෆ්ලොරීඩා අධිකරණයක අපහාස නඩුව පවරා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තමාට සිදුකළ අපහාසයට අමෙරිකා ඩොලර් බිලියන 5ක වන්දියක් ඉල්ලීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මසදී BBC පුවත් සේවය අමෙරිකා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි අතර වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියා.

Previous Article Next Article