×

Search News

LATEST NEWS

රන්වලගේ සිද්ධියේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මේ සම්බන්ධව පොලිපතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවයි.

අදාළ විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර පිළිබඳව විමර්ශනය සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණ වූ බව එම විමර්ශනයේ දී හෙළිව තිබෙනවා.

මේ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මුලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

Previous Article Next Article