ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට පැමිණෙයි
පවතින වර්ෂා අධික කාලගුණය සමඟ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජලාශ මේ වන විටත් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
මහවැලි අධිකාරිය පවසන්නේ මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ වට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.
තවද කලා වැව ද්‍රෝණියය අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළු ගඟ යන ජලාශවල ද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බවයි.