×

Search News

LATEST NEWS

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කකලා වැව, රාජාංගනය, නාච්චාදුව, අංගමුව මෙලෙස වාන් දැමීම සිදුව ඇති බව සඳහන්.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදු කෙරෙමින් පවතිනවා.

කුරුණෑගල දිස්ත්‍රිකයේ දැදුරු ඔය වාන් දමමින් ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ද වාන් දමමින් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව කලා වැවේ වාන් දොරටු දෙක අඩි 6ක් බැගින් විවෘත කර තිබෙනවා.

මේ අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැඟින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4ක් බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2ක් බැඟින් විවෘත කර ඇති බව සඳහන්.

ඊට අමතරව අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2ක් බැගින් විවෘත කර ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් හේතුවෙන් බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන ස්ථාන සම්පුර්ණයෙන් අවහිර වී ඇති බවයි.

මේ අතර පොළොන්නරුවේ සුංගාවිල - සෝමාවතිය මාර්ගය ජලගැලීම් හේතුවෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

Previous Article Next Article