×

Search News

LATEST NEWS

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කෙරේ

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ ලිපියේ දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරන ලද මුලික විමර්ශනයකට අනුව ඒ මහතා වගකිව යුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ලෙස කටයුතු කරමින් කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධව විදිමත් විනය ක්‍රියාමාර්ගයක් ඉදිරියේ ගනු ලබන බවද එම ලිපියේ දැක්වෙනවා.

Previous Article Next Article