×

Search News

LATEST NEWS

ජනපති අනුර අද පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමට සඳහා පැවැත්වෙන විවාදයට සහභාගී වීම සඳහායි.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඬාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අද (19) සම්මත කර ගැනීමට නියමිතයි.

2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

Previous Article Next Article