නාය යෑමේ අවදානමක් හේතුවෙන් පුස්සැල්ලාවේ වෙළෙඳසැල් හතක් වසා දමයි
ගම්පොල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳසැල් 7ක් නාය යෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා තිබෙනවා.
මේ වන විට එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වෙළෙඳසැල් තුළ එකවරම ඉරිතැලීම් ඇති වීම හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම අවදානම් තත්ත්වය සම්බන්ධව පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වෙළෙඳසැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැනුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටසේ පොළොව ඉරිතලා නායයෑමේ අවදානමකට ලක්වුණා.