ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කරයි
ගල් පෙරලී යාම හේතුවෙන් හල්දුමුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් 6කට අයත් සාමාජිකයින් 11 දෙනෙක් අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරලී යාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
අදාළ පිරිස මේ වන විට ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.