බන්ධනාගාරයේ රැඳවියන් Rebuilding Sri Lanka අරමුදලට රු. ලක්ෂ 06ක මුදලක් පරිත්‍යාග කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලු නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ 6ක මුදලක් පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වන්නේ.
තවද එම රැඳවියන් සිය දින දෙකක දිවා ආහාර වේල සඳහා වෙන්වූ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති බව සඳහන්.
එම ද්‍රව්‍යමය සහ මුදල් ආධාර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වෙත නිල වශයෙන් භාරදීම අද (20) අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු කෙරුණා.