×

Search News

LATEST NEWS

අයිස් ලොරියක හිමිකරුවට අධිකරණයෙන් දුන් නියෝගය

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව ලබන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබෙනවා.

අදාළ සැකකරු වලව්වත්ත ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචිව සිට ඇති බව සඳහන්.

අංක 43, කොටඹගහවතුගොඩ සීනිමෝදර නැගෙනහිර තංගල්ල ලිපිනය සහිත නිවසේ පුද්ගල මළ සිරුරු දෙකක් හමුවූ නිවස ආසන්නයේ තිබී මත්ද්‍රව්‍ය සඟවා තිබූ මෙම ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගනු ලැබුවා.

මේ අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් එම ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමඟ අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානය වෙත ඉදිරිපත් කර කරනු ලැබුවා.

අනතුරුව අද (23) සැකකරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය ලබාදී තිබුණා.

Previous Article Next Article