×

Search News

LATEST NEWS

මුදල් ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඊයේ (23) දින පැවැති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේ නොවෙනස් වනු ඇති.

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය එළැඹ තිබෙනවා.

එම මණ්ඩලයේ අදහස වී ඇත්තේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවයි.

Previous Article Next Article