වාර්තා පිට වාර්තා තියෙන රන් මිල
ලෝක වෙළෙඳපොලේ රන් මිල මෙතෙක් ඉතිහාසයේ පළමුවරට ඩොලර් 4800 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4843ක් ලෙස සටහන්ව ඇති බවයි.
ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොලේහි නිකුත් කළ නවතම දත්ත අනුව අද (21) උදෑසන රත්‍රං මිලේ සමස්ත වැඩිවීම රුපියල් 10000ක් බව වාර්තා වනවා.
මේ අනුව අද (21) කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 351500ක් ලෙස සටහන් වුණා.
ඊට අමතරව ඊයේ (20) දිනයේ දී රුපියල් 370000ක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල අද (21) වන විට රුපියල් 380000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරනවා.