×

Search News

LATEST NEWS

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගුවන් ගමනට බාධා

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය ප්‍රමාද වී තිබෙනවා.

සුළු විදුලි දෝෂය මෙම ප්‍රමාදයට හේතුවී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බවයි.

ගුවන් ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ මෙය සිදුව ඇති බව වාර්තා වනවා.

අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව වීමට නියමිත බවයි.

ඒ අනුව ඔහු අද (21) දිනයේ ඩාවොස් හිදී ලෝක ආර්ථික සමුළුව ඇමතීමට සුදානමින් පසුවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (22) දිනයේ දී ඩාවෝස් නගරයේම ගාසා තීරය සම්බන්ධ සාම මණ්ඩලයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමටත් නියමිත බවයි.

Previous Article Next Article