×

Search News

LATEST NEWS

වසර දෙකකට පසු ඩොලරයේ අගය උඩ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 310.02ක් වාර්තා වී තිබෙනවා.

2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ අගය මෙලෙස රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික අනුපාතික සටහනට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 306.28 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 313.81ක් ලෙස සටහන්ව තිබෙනවා.

ගතවූ වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

Previous Article Next Article