ග්‍රෙගරිවැවේ දී සැහැල්ලු යානයක් අනතුරට ලක්වෙයි
නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සැහැල්ලු ගුවන් යානයක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබෙනවා.
ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රොහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ ගුවන් යානයේ නුවරඑලියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස විසින් මුදාගෙන තිබුණා.