විපක්ෂයෙන් අගමැති හරිනිට විශ්වාසභංගයක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදාළව නිකුත් කෙරුණු 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග කළේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බවයි.
මේ අනුව අද (07) විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කිරීමට නියමිත බවත් එම සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට භාර දීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.