දිස්ත්‍රික්ක කිහිපයකට හෙට මි. මී 100ට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි . මී 100ට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු පළාතෙත් අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
අනෙක් ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු -මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට ජනතාවට පියවර ගන්නා ලෙසයි.