×

Search News

LATEST NEWS

Govpay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසු කරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන "Govpay" හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකිව ඇති බවයි.

මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවද එම අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය සේවාවන්වල ආරක්‍ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා "Govpay" ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබෙනවා.

බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගණුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදු කිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබුවා.

ඊයේ (03) දිනය වන විට මෙමඟින් ගණුදෙනු 40920ක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසු කිරීම අරමුණු වී ඇති බවයි.

Previous Article Next Article