×

Search News

LATEST NEWS

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සදහා අද (22) දිවයිනට පැමිණෙනවා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ අද (22) පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බව සඳහන්.

ආපදාවට පත් වූ ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දීය ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුම් තවත් පියවරක් සනිටුහන් කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙරට සංචාරයේ තවත් අරමුණක් වනවා.

Previous Article Next Article