×

Search News

LATEST NEWS

ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන්න - ප්‍රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයින් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ පාරිසරික විනාශයේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන රටේ ආපසු ගෙවීම් කළමනාකරණ කළ හැකි මට්ටමට යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙසද එම කණ්ඩායම මෙම ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන්.

එම ඉල්ලීම සඳහා ඉන්දියානු සංවර්ධන ආර්ථික විද්‍යාඥවරියක් වන ජයති ගෝෂ් මෙන්ම තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ ඩෝනට් ඉකොනොමික්ස් එහි කතුවරිය වන කේට් රාවරත් ඇතුළු ආර්ථික විශේෂඥයින් 120 දෙනෙක් මෙම ඉල්ලීමට අත්සන් කර ඇති බව වාර්තා වනවා.

මෙරට මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විට ලබාගෙන ඇති බවත් ඉදිරියේ දී තවත් ණය ලබා ගැනීමට සිදුවනු ඇති බවත් අදාළ විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බාහිර ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවීමට සහ නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article