අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.