×

Search News

LATEST NEWS

නොවැම්බර් මසදී උද්ධමනය පහළට

2025 නොවැම්බර් මස සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වර්තාවක සඳහන් වන්නේ මේ වසරේ ඔක්තෝබර් මස 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මස සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බවයි.

2025 ඔක්තෝබර් මස 4.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය 2025 නොවැම්බර් මසදී 3.6%ක් දක්වා අඩුව ඇති බවද වාර්තා වනවා.

තවද 2025 ඔක්තෝබර් මස 1.5%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතින බවද එම වාර්තා වේ සඳහන් වනවා.

Previous Article Next Article