×

Search News

LATEST NEWS

නුගේගොඩ මංසන්ධියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

නුගේගොඩ මංසන්ධියේ කොහුවල දෙසට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Previous Article Next Article