×

Search News

LATEST NEWS

සාම්පූර්හි ඉදිකෙරෙන මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවයි

ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත ත්‍රිකුණාමලය බලශක්ති සමාගම Trincomalee බලශක්ති සමාගම) මඟින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සුර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

මෙම සූර්ය බලශක්ති බලාගාරය සැලසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්‍රියාවලියමද අවමය මෙගාවොට් 20ජ සහ මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙම ව්‍යාපෘතියට අයත් වනවා.

ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 වනදා සිදු කරනු ඇති.

තවද එම ටෙන්ඩර් පත් ප්‍රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු වනවා.

Previous Article Next Article