අර්චුනා පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (24) උදෑසන කොටුව පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.
රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.
ඒ එම අධිකරණයේ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.