×

Search News

LATEST NEWS

ගන්දරින් මුහුදු ගිය යාත්‍රාවේ තිබී අයිස් කිලෝ 172ක් සහ හෙරොයින් කිලෝ 21ක් හමුවෙයි

දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට ආසන්න බවයි.

ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 9 වනදා ධීවරයින් 5 දෙනෙකු සමඟ මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරමින් සිටියදී ඊයේ (23) නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

අදාළ යාත්‍රාව අද (24) උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී සිදුකළ පරික්ෂාවේදී ධීවර යාත්‍රාවේ තිබී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබු බවද වාර්තා වනවා.

Previous Article Next Article