×

Search News

LATEST NEWS

අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා.

ලොව පුරා මෙන්ම මෙරට ලාංකීය කිතුණු බැතිමතුන් ද නත්තල උදාවීම අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා.

ගාසා හි යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ සිට වසර දෙකක කාලයක් නත්තල සැමරීම සිදු නොවූ ශුද්ධ වූ බෙත්ලෙහෙම් ද මෙවර නත්තල් සැමරීම සිදු කෙරුණා.

මේ අතර ඇමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් පසුව පැවැති ප්‍රථම නත්තල් දේව මෙහෙය රෝමයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්වුණා.

ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර නත්තල් උදාව වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්වුණා.

නත්තල් දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමියන් පැවසුවේ සමාජය පිරිසිදු කිරීමට තණ්හාව දුරු කළ යුතු බවයි.

Previous Article Next Article